යාපනයේ උරුම්පිරායී ප්‍රදේශයේ ආපන ශාලාවකදී පාන් අනුභව කරමින් සිටි පුද්ගලයෙකු පාන් කැබැල්ලක් උගුරේ සිරවීම නිසා එම ආපන ශාලාව තුළදීම ඊයේ (29) මියගොස් තිබෙනවා.
උරුම්පිරායී ප්‍රදේශයේ පදිංචි 62 හැවිරීදි කාසිපිල්ලේ ශවේන්ද්රන් නැමති මෙම පුද්ගලයා අදාළ ආපන ශාලාව වෙත පැමිණ ආහාරයට ගැනීම සඳහා පාන් ඉල්ලා තිබුණා.
ඔහු පාන් කමින් සිටියදී එක්වරම සිහිසුන්ව බිම ඇද වැටී ඇති අතර, වහාම ඔහුව කෝපායී රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු ඒ වන විටත් මියගොස් ඇති බවයි.
යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී නාමසිවායම් ප්‍රේම්කුමාර් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා නිගමනය කර ඇත්තේ, මොහු ඇදුම වැනි රෝගයකින් පෙලුණු අයෙකු බවත්, පාන් කමින් සිටියදී ඇති වූ හතියත් සමග පාන් කැබැල්ලක් උගුරේ සිරවීමෙන් ඇති වූ හුස්ම ගැනීමට නොහැකි වීමක් මත මරණය සිදුව ඇති බවයි.
කෝපායී පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මියගිය අයගේ මෘත ශරීරය අවසන් කටයුතු සදහා ඥාතීන් වෙත බාර දී තිබෙනවා.