චීනය තුළ පැතිර යමින් පවතින වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානය යොමු කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් නිසි අධ්‍යයනයක් සිදුකර ඉදිරියේදී ප්‍රකාශයක් නිකුත් කරන බවයි අප කළ විමසීමකදී වසංගත රෝග විද්‍යායතනයේ උසස් නිළධාරියෙකු සදහන් කළේ.
කොවිඩ් වසංගතයෙන් වසර පහකට පසු චීනය නව වෛරස් ව්‍යාප්තියකට මුහුණ දෙමින් සිටින බවට අද වාර්තා වුණා.
එච්.එම්.පී.වී ලෙසින් හදුන්වන මෙම වෛරසයේ ද කොවිඩ් රෝග ලක්ෂණ පවතින බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
වෛරස තත්ත්වය මේ වන විට චීනය තුළ සීඝ්රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, ඇතැම් රෝහල් රෝගීන්ගෙන් පිරී පවතින බව ද සඳහන්.
Author: Lanka Hit News
Post Views: 6