Global Platform For All Sri Lankans

Lanka Hit News

හිම පතනය එංගලන්තයේ ගුවන් ගමන් රැසක් අවලංගු කරයි

අධික හිම පතනය හේතුවෙන් එංගලන්තයේ ගුවන් ගමන් රැසක් අවලංගු කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ගුවන්තොටුපළ ධාවන පථ වෙත හිම පතනය වීම මීට හේතුව බවයි කියන්නේ.

මැන්චෙස්ටර් ,ලිවර්පූල් සහ බර්මින්හැම් ඇතුලු ගුවන්තොටුපළ ගණනාවක ගුවන් ගමන් ප්‍රමාදයන්,ගුවන් ගමන් අවලංගු කිරීම් සහ වෙනත් ගුවන්තොටුපළ වෙත හරවා යැවීම් සිදුකර ඇති බවයි පවසන්නේ.

ඒ අනුව මැන්චෙස්ටර් ගුවන්තොටුපළ අද උදැසන පැය කිහිපයක් වසා දමා තිබෙනවා.

පසුව ධාවන පථ දෙකම විවෘත කිරීමට පියවර ගෙන තිබෙන බව සඳහන්.

එම කාලය තුළ ගුවන්තොටුපළ වෙත පැමිණිමට නියමිතව තිබූ ගුවන්යානා වෙනත් ගුවන්තොටුපළ වෙත හරවා යවා ඇති බව කියයි.

එසේම අවම වශයෙන් මැන්චෙස්ටර් වෙත පියාසාර කරන ලද ගුවන් යානා 12ක් ලන්ඩන් හීත්‍රෝ,බර්මින්හැම්,ඩබ්ලින් ,ග්ලාස්ගෝ සහ පැරිස් යන ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බව පවසනවා.

ලීවර්පූල් ජොන් ලෙනන් ගුවන් තොටුපළේ ධාවන පථය ද නැවත විවෘත කර ඇති බවයි කියන්නේ.

නමුත් ලීඩ්ස් ගුවන් තොටුපළේ ධාවන පථය තවදුරටත් වසා දමා තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads