Global Platform For All Sri Lankans

Lanka Hit News

අදානි ගිවිසුම ගැන අධිකරණයෙන් තීරණයක්

මන්නාරම – වෙඩිතලතීව් ප්‍රදේශයේ සුළං විදුලි බල ව්‍යාපෘතියක් ගොඩනැගීම සඳහා ඉන්දියාවේ අදානී සමාගම සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම මැයි මස 23 වැනි දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා.

ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන විසින් ඒ පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම ඊයේ (16) අභියාචනාධිකරණ විනිසුරු එම්.යූ.බී. කරලියද්ද මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී රජයේ අධි නීතිඥවරයා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැදගත් නඩුකර කිහිපයක් ලබන මාර්තු මස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බවයි.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත්, රජයේ අධි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන මැයි මස 23 වැනිදා කැඳවන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

අවලෝකිතේශ්වරට අද ලැබුණු නියෝගය

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සදහා ලබන ජුනි මස 18 වැනිදා කැඳවන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads