Global Platform For All Sri Lankans

Lanka Hit News

ගල්ඔය අවදානම අඩුවෙයි..

ගල්ඔය ගඟේ ඉවුර, සේනානායකපුර ප්‍රදේශයෙන් කැඩී යෑම හේතුවෙන් අවදානම් තත්ත්වයක් පැන නැඟී තිබෙනවා.

ඒ, හේතුවෙන් ග්‍රාමසේවා වසම් තුනකින් පවුල් 44ක පුද්ගලයන් 135 දෙනකු පමණ පසුගියදා (14) රාත්‍රීයේ ඉවත් කර ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගෙන තිබුණේ.

කෙසේ වෙතත් පැවති අවදානම් තත්ත්වය ඊයේ (15) දිනය වනවිට පහවගොස් තිබෙනවා.

ඒ අනුව ආරක්ෂිත ස්ථානවල සිටි ජනතාවට යළි ඔවුන්ගේ නිවාස වෙත යාමට අවස්ථාව ලබාදුන් බවයි අම්පාර දිස්ත්‍රික්ක ලේකම් චින්තක අබේවික්‍රම මහතා පැවසුවේ.

ගල්ඔය ගඟේ ඛාදනය වූ ඉවුර (බැම්ම) කොන්ක්‍රීට් බැම්මක් නොවන බවත්, එය පස් බැම්මක් බවත්, ගංඟාවේ ජලය අඩුවන විට එය පිළිසකර කිරීමට කටයුතු කළ හැකි බවත් ඒ මහතා කියා සිටියා.

එම බැම්ම ගඟේ සිට අඩි 12ක් පමණ උසයි.

එහි අඩි 02ක් 03ක් පමණ ප්‍රමාණයක් සේනානායකපුර ප්‍රදේශයේ ස්ථානයකින් ඛාදනය වී තිබෙනවා.

එම ස්ථානයේ පස් බැම්ම අඩි 08ක් 09ක් පමණ උසට ඉතිරිව පවතින බව සඳහන්.

ඛාදනය වූ ස්ථානය වැලි කොට්ට දමා තාවකාලික පිළිසකර කිරීමක් සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් එය ස්ථිරවම සිදු කළ යුතු බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කළ බවයි අම්පාර දිස්ත්‍රික්ක ලේකම් චින්තක අබේවික්‍රම මහතා කියා සිටියේ.

මේ වනවිට ගඟේ ස්ථාන කිහිපයක වැලි කඳු ගොඩගැසී ඇති බවත්, ඒවා ඉවත් කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දැනුම් දීමෙන් පසු, එම කටයුතු ඊයේ (15) සිට ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවත් වාර්තා වනවා.

ගඟේ ඉවුර ඛාදනය වී බැම්ම කැඩී යෑමක් සිදු වුවහොත් සේනානායකපුර, සාමපුර සහ සුදුවැල්ල යන ප්‍රදේශවල නිවාසවලට හා ගොවිතැන්වලට හානි විය හැකිව තිබෙනවා.

යුද හමුදාව හා ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව වැලිකොට්ට දමා ඛාදනය වූ බැම්ම ආරක්‍ෂා කර ගැනීමට දිවා රෑ නොබලා කටයුතු කර ඇති අතර ගම්වාසීන් දමේ සඳහා දායකත්වය ලබාදී තිබුණා.

සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි හත්ලක්‍ෂ හැත්තෑ දහසක් (770,000)ක්.

එහි අක්කර අඩි හයලක්‍ෂ පනස්අට දහසක් (658,000)ක් දක්වා ජලය පිරී වාන්දොරටු විවෘත කිරීම හේතුවෙන් ඉන් මුදාහරින ජලය ගල්ඔය ගඟට මුදා හැරෙනවා.

ඒ හේතුවෙන් ගං ඉවුර අවදානමට ලක්වීම සිදුවනු ඇති.

1946 ගල්ඔය ව්‍යාපෘතිය යටතේ ඉදිකළ ප්‍රථම බහුකාර්ය යෝජනා ව්‍යාපෘතිය ද මෙය වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

අවලෝකිතේශ්වරට අද ලැබුණු නියෝගය

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සදහා ලබන ජුනි මස 18 වැනිදා කැඳවන

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads