විදුලිබිල සමස්තයක් ලෙස 20%කින් පමණ අඩු කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පිළිගන්නා බවත් ඒ අනුව ජනවාරි 17වන දින රාත්‍රි 12.00 සිට විදුලිබිල අඩුකිරීම ක්‍රියාත්මක කරන බවත් රටේ සියලු විදුලි පාරභෝගිකයන්ටත් සතුටින් දැනුම් දෙන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි පවසනවා.
අද (18) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.
රටේ සියලු ජනතාවටත් විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්රයට හා කර්මාන්තකරුවන්ටත් මෙහි ප්රතිලාභ ඉහළින් ලැබුනු ඇතැයි බලාපොරොත්තු වන බවයි එහිදී ඔහු සඳහන් කර සිටියේ.
එමෙන්ම විදුලිබිල මෙලෙස සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවීම ජනතාවට විශාල සහනයක් වනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
Author: Lanka Hit News
Post Views: 1