Global Platform For All Sri Lankans

Lanka Hit News

විදුලි බිල අඩුවීමත් එක්ක ,බඩු මිල වෙනස් වෙන්නේ මෙහෙමයි

 

විදුලි බිල අඩු වීමට සාපේක්ෂව භාණ්ඩ මිල අඩු වීම ඉදිරි සති දෙකෙන් පසු සිදුවන බව, සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරනවා..

පසුගිය 17වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කර්මාන්ත ක්ෂේත්‍රයේ විදුලි බිල30%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විසින් කටයුතු කළ බවද එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර සඳහන් කළා..

මේ අනුව, පසුගිය (20) සිට නිෂ්පාදනය කරන භාණ්ඩවලට අදාළ විදුලි පරිවැය අඩු වී තිබෙන බවත්, එහි වාසිය ලෙස භාණ්ඩ මිල 5%ත් 10%ත් අතර මුදලකින් අඩු වන බවද සඳහන් වුණා.

මේ ආකාරයට නිෂ්පාදනය කරන භාණ්ඩ සති දෙකක් පමණ වන විට වෙළෙඳ පොළට නිකුත් වන බවත්, මේ අනුව අදාළ සහනය ජනතාවට හිමිවන බවද සඳහන්.

මීට අමතරව කොණ්ඩා කැපීම, වාහන පිරිසිදු කිරීම වැනි සේවා සැපයීම්වල ගාස්තුව පවා ක්‍රමානුකූලව අඩු වන බවත්, විදුලි ගාස්තු අඩු කිරීම තුළින් කර්මාන්තකරුවන්ට යම් සහනයක් ලැබී තිබෙන බවද මෙහිදී වැඩිදුරටත් සඳහන් වුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

මනුෂ අපේක්ෂිත ඇපය ඉල්ලා අස්කර ගනී

  දකුණු කොරියාවේ රැකියාව ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads