Global Platform For All Sri Lankans

Lanka Hit News

” සැපයුම්කරුවන් අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීමෙන් ඖෂධ මිල පහළට දැම්මා ” නියෝජ්‍ය ඇමති

 

ඖෂධ සැපුයම්කරුවන් අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීම මගින් ඖෂධ මිල විශාල ලෙස පහළ දැමීමට හැකිවූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි පවසනවා.

පසුගිය කාලයේ ඇතැම් ඖෂධ සැපයීම සඳහා ලියාපදිංචි වී සිටියේ එක් සැපයුම්කරුවෙකු පමණක් බව ද , ඒ හේතුවෙන් වෙළෙඳපොළ ඒකාධිකාරීයක් පැවතීමෙන් එම ඖෂධ ඉහළ මිලකට මිලදී ගැනීමට රජයට සිදු වූ බව ඔහු පෙන්වා දී තිබෙනවා.

එසේම, එක් සැපයුම්කරුවෙකු පමණක් සිටින ඖෂධ සඳහා නව සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම කඩිනමින් සිදු කළ බවද , එමඟින් මෙම ප්‍රශ්නයට යම්තාක්දුරට විසඳුම් ලැබුණු බවද , තවත් ලියාපදිංචිය ඉල්ලා ඉදිරිපත් කර තිබූ ඖෂධ සැපයුම්කරුවන් 2800ක පමණ ලිපි ලේඛන පරීක්ෂාව කඩිනමින් කරගෙන යන බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

තවද එම සියලු සැපයුම්කරුවන්, සුදුසුකම් පරීක්ෂාවෙන් අනතුරුව ලබන මාර්තු මාසයට පෙර ලියාපදිංචි කරන බවද ඔහු සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads