පෙබරවාරි මාසයේදී ගෙන්වන වාහනවල මිල යම් ප්රමාණයකින් වැඩිවනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා..
පෙබරවාරි මාසයේ පළවෙනිදා සිට පෞද්ගලික වාහන ආනයනයට අවසර ලබා දෙන බවද ජනාධිපතිවරයා පැවසුවේ..
හෝමාගම ජන හමුවක් අමතමින් ජනාධිපති අනුර දිසානායක මේ බව සඳහන් කළා…
වාහන ගෙන්වීම ඇරැඹූ පසුව ආණ්ඩුවේ වාහන සංචිත තෝරා වෙන්දේසියේ විකුණන බවද ඔහු සඳහන් කළා..
ඉකුත් සමයේ රටට බලපෑ විදේශ විනිමය අර්බුදයත් සමග 2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර කෙරුණා..
අනතුරුව මෙරට වාහන මිල ගණන් ශීඝ්රයෙන් ඉහළ ගිය අතර, නැවත ශ්රී ලංකාවට මෙලෙස වාහන ගෙන්වන්නට තීරණය කෙරුණේ වසර තුනකට පසුවයි..
Author: Lanka Hit News
Post Views: 47