Global Platform For All Sri Lankans

ක්ලබ් වසන්තගේ ඝාතකයින් ඉන්දියාවට යන්න පෙර අල්ලන්න මන්නාරමේ මුර කපොලු

club-wasantha-india

අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කළ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා තවත් අයෙකු සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ධීවර බෝට්ටුවක ආධාරයෙන් මන්නාරමෙන් ඉන්දියාවට පලා යාමට සැලසුමක් ඇති බවට තොරතුරු හෙළි වීමත් සමගම ආරක්ෂක අංශ මන්නාරමේ ස්ථාන කීපයකම විශේෂ මුර කපොලු කීපයක් ස්ථාපිත කොට ඇත.

මන්නාරමේ ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ මෙම සැකකරුවන් රටින් පලා යාම වැළක්වීම පිණිස ගුවන් තොටුපල ඇතුළු ස්ථාන දැණුවත් කොට ඇතත් මන්නාරම හරහා ඔවුන්ට රටින් පැනීමට ඇති ඉඩකඩ වැඩි නිසා කොළඹින් ලැබුණු නියෝගයක් මත විශේෂ සෝදීසී කිරීමේ මුර කපොලු හා මාර්ග බාධක කීපයක්ම අලුතින් ආරම්භ කළ බවය.
ඊට අමතරව මන්නාරමෙන් මුහුදු යන ධීවර බෝට්ටු වල ධීවර හැදුණුම් පත් නොමැතිව ගමන් කරන පිරිස් පිළිබදව නාවික හමුදාව හා වෙරළාරක්ෂක නිලධාරීන්ද ධීවර පරීක්ෂක නිලධාරීන්ද දැඩි සෝදීසියකින් සිටින බවද එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News

Source link

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads