Global Platform For All Sri Lankans

ජනාධිපති ජෝ බයිඩන් ජනපතිවරණයෙන් ඉවත් වෙයි..

 

“එය මගේ පක්ෂයට සහ රටේ යහපතට හේතු වේ” යැයි පවසමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජනධිපතිවරණයේ අපේක්ෂකත්වයෙන් ඉවත් වන බව නිවේදනය කරනු ලැබුවා.

පසුගිය ජූනි මස අවසානයේ රිපබ්ලිකන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විවාදයකින් අනතුරුව ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ දැඩි විරෝධයක් ඔහුට එල්ල වුණා.

සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ ජනාධිපති ධුරයට පත්වීම තම ජීවිතයේ ලද ලොකුම ගෞරවය බවයි.

එමෙන්ම, එහි ඔහු සඳහන් කර ඇත්තේ “නැවත තේරී පත්වීම මගේ අභිප්‍රාය වී ඇති නමුත්, මා ඉන් ඉවත් වී මගේ ධූර කාලය තුළ ජනාධිපති ලෙස යුතුකම් ඉටු කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම මගේ පක්‍ෂයේ සහ රටේ යහපතට හේතු වන බව මම විශ්වාස කරමි.” යනුවෙන්.

කෙසේ වෙතත්, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එක්සත් ජනපද ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස උප ජනාධිපති කමලා හැරිස් අනුමත කරන බව නිවේදනය කරනවා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

instagram bio for boys stylish font
instagram vip bio
instagram stylish bio
stylish bio for instagram
sanskrit bio for instagram
instagram bio in punjabi

RELATED LATEST NEWS

Top Headlines

ගෙයින් ගෙට යන්න සැරසෙන නාමල්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති නාමල් දැක්ම වැඩපිළිවෙල සම්බන්ධයෙන්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads