Global Platform For All Sri Lankans

Lanka Hit News

විශ්‍රාමික ඔබටත් විශේෂ මාසික දීමනාවක්..

 

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් සඳහා, රුපියල් 3000ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ඊයේ (24) රැස්වූ කැබිනට් මණ්ඩලයේදී අනුමත කළ බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව, මෙම විශේෂ මාසික දීමනාව 2024 සැප්තැම්බර් මස සිට වැටුප් විෂමතා නිවැරදි කරන තෙක් ගෙවීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත..

“රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් වෙනම කමිටුවක් පත් කරලා තිබෙනවා. සෑම ක්ෂේත්‍රයකම තිබෙන වැටුප් විෂමතා එකවර විසඳන්න තමයි කමිටුව පත් කළේ. ඒ අතරතුර ඒ කමිටුවේම අදහසක් අනුව තමයි මේ කටයුතු සම්පූර්ණ වෙනකම් විශ්‍රාමිකයන්ට සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 3000ක දීමනාවක් දෙන්න තීරණය කළේ. ලක්ෂ 7කට විතර ඒ ප්‍රතිලාභය ලැබෙනවා.” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads