පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම් අදටත් ජාතික ජනබල වේගය සමග සිටින බව ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පවසනවා.
ඊයේ(24) පස්වරුවේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥාන රතන නාහිමියන් බැහැ දැකීමට මහනුවරට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මෙම අදහස් පළ කළා.
කෙසේ වෙතත්, ඉස්ලාම් ධර්මයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා කරමින් වසර හතරක බරපතල වැඩ සහිතව සිරගත කෙරුණු බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පසුගිය විසි දෙවනදා ඇප මත නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.
ඒ අභියාචනාධිකරණය ලබා දුන් නියෝගයකට අනුවයි.
කෙසේ වෙතත්, මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සඳහන් කළේ, “අපි චේතනාන්විතව අපහාස කරන්න කරන දෙයක් නෙවෙයි මේ, දවසින් දවස ඇතුළට යනවා එලියට එනවා ඉතින් ගාන්ධි කී පාරක් හිරේ ගියාද මහ නායක හාමුදුරුවනේ, මැරෙනකම් ඉතින් මොනවා හරි කරන්නත් එපැයි” යනුවෙනුයි.