Global Platform For All Sri Lankans

බිත්තරයක් 37කට ? මෙන්න ඉහළ යන බිත්තරයට දාලා තියෙන වැට…

 

එළැඹෙන උත්සව සමය සැලකිල්ලට ගනිමින් වෙළෙඳපොළේ ස්ථාවර මිලක් පවත්වා ගැනීම සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා..

ඒ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින් සිදුකළ කැබිනට් යෝජනාවක් අනුවයි..

2024 මාර්තු 18 වන දා පැවති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් මේ වන විට බිත්තර මිලියන 224 ආනයනය කර ඇති බව රජය පවසනවා..

රජය සඳහන් කළේ, එමගින් 95%ක ප්‍රමාණයක් ලංකා සතොස අලෙවි ජාලය හරහා බිත්තරයක් රුපියල් 37ක මිලකට පාරිභෝගික ජනතාවට වෙත බෙදා හැර ඇති බවයි..

බිත්තර ආනයනය කිරීමට ලබා දී ඇති කාලසීමාව 2024 අප්‍රේල් 30 වන දා දිනෙන් අවසන් වී ඇති බව රජය තවදුරට ත් සඳහන් කර තිබුණා..

එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය කිරීමට සහ කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීම පිළිබඳව මෙහිදී මූලිකවම අවධානය යොමු කරන බවයි දැනගන්නට ලැබෙන්නේ..

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

රටවල් 27ක් අනතුරේ.. ?

  එක්ස්. ඊ. සී. නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 27ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. පෝලන්තය,

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads