Global Platform For All Sri Lankans

Lanka Hit News

අපට අවශ්‍ය ආර්ථිකය හැකිලීම නොව , ප්‍රසාරණය කිරීමයි..

 

සමගි ජන බලවේගයේ ජාතික ප්‍රතිපත්තිය වන්නේ ආර්ථිකය හැකිලීම නොව එය වර්ධනය කර ප්‍රසාරණය කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ, විපක්ෂ නායක කාර්යාලයේ දී නිදහස් සෞඛ්‍ය සේවක වෘත්තීය සමිති නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවකදී.

රාජ්‍ය නිලධාරින් විඳින දුක කදුල වේදනාව ගැන හොඳ අවබෝධයක් ඇති අතර, ඒ සඳහා අවශ්‍ය සහන ලබා දීමට රාජ්‍ය ආදායම වැඩි කළ යුතු බව ඔහු කියා සිටියා.

එමෙන්ම ආර්ථික වර්ධනය කරන විට ඒ තුළ සමාජ සමානාත්මතාව මේ වන විට ක්‍රියාත්මක නොවන බවත් ජාතික ආදායම බෙදී යන ආකාරය අනුව පෝසත් 20% රටේ සම්පත් 50%ට වැඩියෙන් බුක්ති විඳින විට දුප්පත් 20% ජාතික සම්පත් බුක්ති විදින්නේ 5-6%ක් බවත් මෙහි දී සියලු දෙනාම ඇතුළත් වූ ආර්ථික වර්ධනයක් සිදු නොවන නිසා සියලු දෙනාම ඇතුළත් ආර්ථික වර්ධනයක් සිදුවිය යුතු බවත් දුප්පත් අය තවත් දුප්පත්වන පොහොසත් අය තව තවත් පොහොසත් වන ආර්ථික වර්ධනයක් අපේක්ෂා නොකරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පවසා සිටියා.

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

ගංගාරාම නවම් මහා පෙරහැර අද රාත්‍රියේත් වීථි සංචාරය කෙරෙයි

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර අද(12) රාත්‍රියේත් වීථි සංචාරය කෙරෙනු ඇති. මෙරට බෞද්ධාගාමික උත්සව අතර හුණුපිටිය ගංගාරාමයේ නවම්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads