Global Platform For All Sri Lankans

ගෙරවීම නවතන ස්මාර්ට් කොට්ටයක්..

 

නින්දේදී ඇති වන ගෙරවීම මඟහරවා ගැනීම සඳහා ලොව ප්‍රථම වරට ස්මාර්ට් කොට්ටයක් නිපදවා තිබෙනවා.

DeRucci සමාගම විසින් මෙම කොට්ටය හඳුන්වා දී ඇති අතර මෙය ”next-generation anti-snore pillow” ලෙස නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම anti-snoring ස්මාර්ට් කොට්ටය තුළ නින්ද යාමට පෙර හිස, සුවපහසු ස්ථානයකට ගෙන යාමට යෙදුමක් අන්තර්ගත වෙනවා.

එමෙන්ම එම සමාගම පවසන්නේ, අභ්‍යන්තර සායනික අධ්‍යයනයකට අනුව මෙම කොට්ටය හරහා ගොරවීම 89% දක්වා අඩු කළ හැකි බවයි.

මෙය සාමාන්‍යයෙන් එදිනෙදා භාවිත කරන කොට්ටයකට සමාන වන අතර එය තුළ ඇති විශේෂ Detection System එක ඔස්සේ ගෙරවීම නිසා ඇති වන කම්පන හඳුනා ගෙන ස්වසන මාර්ගයේ යම් අවහිර විමක් සිදුව ඇති නම් එය යථාතත්වය පත් වීමට අවශ්‍ය පරිදි කොට්ටය වෙනස් වීම සිදු වෙනවා.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම වෙනස් වීම එය භාවිත කරන පුද්ගලයාට නොදැනෙන සේ සිදුවීමයි.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම කොට්ටය මෙම වසරේ ඔක්තොම්බර් සිට බෙදා හැරීම ආරම්භ කිරීමට නියමිත අතර මෙය මුදලින් ඩොලර් 199ක පමණ වනු ඇති බවද සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

මැතිවරණයට කොමිසමේ සුදානම….

  ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව තුළ අනපේක්ෂික කාලගුණික තත්ත්වයන්ගෙන් සිදුවිය හැකි ආපදාවන්ට මුහුණදීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads