Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000058089.jpg

News

March 18, 2025 , Published 12:18 pm ,
0
0
2 views

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහළට

  • newsLankahit news
  • 2 views
  • 0 comments

 

ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.

ඒ අනුව, දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 08කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 277ක් ද, රතු පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 04කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 279ක් ද, පාන්පිටි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 02කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 162ක් ද වෙනවා.

එමෙන්ම ග්‍රෑම් 425 ටින්මාළු රුපියල් 10කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 490ක් ද, අර්තාපල් කිලෝග්‍රෑම් 01ක් රුපියල් 13කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 185ක් ද, සුදු කව්පි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 45කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 750ක් ලෙසයි නව මිල ගණන් සඳහන් වෙන්නේ.

තවද, ලොකු ලුණූ කිලෝග්‍රෑම් 01ක් රුපියල් 25කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 160ක් සහ සුදු ලුණූ කිලෝග්‍රෑම් 01ක් රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 575ක් ද වෙනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.