Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000058769.jpg

News

March 18, 2025 , Published 07:39 pm ,
0
0
2 views

අදානිගේ සුළං විදුලි බල ව්‍යාපෘතියට එරෙහි පෙත්සම් ඉල්ලා අස්කර ගැනෙයි

  • newsLankahit news
  • 2 views
  • 0 comments

මන්නාරම වෙඩිතලතීවූ ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම සමග සුළං විදුලි බලාගාරයක් ඉදිකරීම සඳහා ඇති කර ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

අදාළ ව්‍යාපෘතිය ඉවත් කර ගන්නා බවට ඉන්දියාවේ අදානි සමාගම විසින් මෙරට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව නිතිපතිවරයා විසින් අධිකරණයට මෝසමක් ගොනුකරමින් දැනුම් දී තිබුණා.

එම දැනුම් දීමෙන් අනතුරුව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පෙත්සම්කරුවන් විසින්  ඉල්ලා අස්කර ගත්තා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව පහක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.