Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the
1000058765.jpg

News

March 18, 2025 , Published 07:36 pm ,
0
0
4 views

පොහොර මූල්‍ය සහනාධාරය තවදුරටත්..

  • newsLankahit news
  • 4 views
  • 0 comments

2025 යල කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවීන්ට පොහොර මූල්‍ය සහනාධාර ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින් අදාළ අනුමැතිය ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව සඳහන්ය.

ඒ අනුව මෙවර යල කන්නයේදී කුඹුරු ඉඩම්වල සිදු කරන වී වගාව සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක් බැගින් උපරිම වශයෙන් හෙක්ටයාර 02ක් සඳහා පොහොර මුල්‍ය සහනාධාරය ලබා දීමට සිදුකෙරේ.

එමෙන්ම කන්න රැස්වීම්වලදී තීරණය කරනු ලබන කුඹුරු ඉඩම්වල සිදු කරන වෙනත් ක්ෂේත්‍ර භෝග වගා සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000ක් බැගින් හෙක්ටයාර 02ක් සඳහා පොහොර මුල්‍ය සහනාධාරය ලබා දීමට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.