එළඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික ජනතාවට සහන මල්ලක් ලබාදෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
ඒ වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් වෙන් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
අස්වැසුම ලාභීන් මිලියන 1.7ක් සිටින අතර, අස්වැසුම සඳහා නව අයදුම්කරුවන් 807,000 ඉල්ලුම් කර ඇති බවත්, එම නව ඉල්ලුම්කරුවන් වෙත මෙම සහන බඩු මල්ල ලබාදෙන බවත්, ඔහු පැවසුවා.
ඒ අනුව, රුපියල් 5000ක වටිනාකමකින් යුත් බඩු මල්ල රුපියල් 2500කට ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මේ වනවිට ඒ සඳහා ලංකා සතොස ආයතනය කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.
අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසුවා,
''නාඩු සහල් කිලෝග්‍රෑම් 05ක් නැතිනම් ඒ වෙනුවට නාඩු සහල් කිලෝග්‍රෑම් 03ක් සහ පාන් පිටි ලබාදෙන්න පුළුවන්. නැතිනම් රතු සහල් සහ පාන් පිටි කිලෝග්‍රෑම් 02ක් දෙන එකක් තියෙනවා.
ලොකු ලූණු කිලෝග්‍රෑම් 02ක්, අල කිලෝග්‍රෑම් 02ක්, පරිප්පු කිලෝග්‍රෑම් 02ක්, සැමන් ටින් 01ක්, දුඹුරු සීනි කිලෝග්‍රෑම් 03ක්, පාන් පිටි කිලෝග්‍රෑම් 02ක්, සමපෝෂ පැකට් 02ක්, ග්‍රෑම් 70 සහ ග්‍රෑම් 90 සෝයාමීට් පැකට් 04ක් ලබාදෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 15ත් 17ත් අතර බඩු මල්ලක් ලබාදෙනවා.''
No commnets