විරෝධතාකරුවන් පිරිසකට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වීම හා ඒ අවට පිහිටා ඇති රෝහල් වලට බාධා වන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදිය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය පදික වේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබෙනවාඑ.
මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය අවට මාර්ග අසල පදික වේදිකාව හා මාර්ග අවහිර වන ආකාරයට උද්ඝෝෂණයක් හා පාගමනක් පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් මත අපරාධ නඩුවිධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමට අනුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එම්.එන්.එම්. නුස්රි (සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සම කැඳවුම්කරු), එන්.ඩී. හේවාවිතාරණ (සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ලේකම්) චින්තක ප්‍රසාද් (සම සෞඛ්‍ය විද්‍යා පීඨ නියෝජනය කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති), මධුෂාන් චන්ද්‍රජිත් (අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු) ඇතුළු ඔවුන්ගේ සාමාජිකයින්ටයි මෙම ආඥාව නිකුත් කර ඇත්තේ.
ඒ අනුව අද (27) පස්වරු 2.30 සිට හෙට (28) පස්වරු 6.00 දක්වා මෙම නියෝගය ක්‍රියාත්මකයි.
No commnets