Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 28, 2025 , Published 08:07 am ,
0
0
4 views

දේශබන්දුට එරෙහි යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

  • newsLankahit news
  • 4 views
  • 0 comments

 

වැඩ තහනමකට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සේවයෙන් නෙරපීම සම්බන්ධයෙන් කතානායකවරයා වෙත මන්ත‍්‍රී අත්සන් 115කින් සමන්විත ආණ්ඩු පක්ෂ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබෙනවා. 

ඒ, දින නියමයක් නොමැති යෝජනා යටතේයි.

කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලීන්ද ජයතිස්ස කියා සිටියේ, ලබන මස 8 හෝ 9 වනදා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවයි. 

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා කතානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව අප්‍රේල් මස 2 වනදා පෙරවරු 9.30ට රැස්විමට නියමිතයි. 

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමෙන් අනතුරුව 113ක සරල බහුතරයකින් එය සම්මත කර ගැනීම අවශ්‍යය වනවා.

විෂමාචාර සහ දූෂණය, ධූරය බරතල ලෙස ලෙස භාවිතය, රාජකාරි පැහැර හැරීම, පක්ෂග‍්‍රාහීව කටයුතු කිරීම යන චෝදනා පදනම් කරගෙන ඔහුව ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.

2002 අංක 5 දරණ නිලධරයන්ඉවත් කිරීමේ පනතෙහි පස්වන වගන්තිය ප‍්‍රකාරව පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාවේ සදහන් කර තිබෙනවා. 

මේ වන විටත් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වශයෙන් පත් කිරීමේ ව්‍යවස්ථානූකූල බව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර ඇති බව ද එම පෙත්සමේ දැක්වෙනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයේ බලතල, කාර්යන් හා වගකීම් දැරීම වළක්වාලමින් මේ වන විටත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම සියලූ‍ කරුණු පදනම් කරමින් යුක්තිය පසදලීමේ සමස්ත පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමටත්, ජනතාව පොලිස් දෙපාර්තමේන්තුව වෙත තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීමටත්, නිලධරයන් ඉවත්කිරීමේ පනත යටතේ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත්කිරීම සදහා මෙලෙස පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවයි එම යෝජනාවේ තවදුරටත් සදහන් වන්නේ.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.