Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 27, 2025 , Published 05:44 pm ,
0
0
4 views

රබර් කිරි බවුසරය දෙදෙනෙකුට දිවි අහිමි කරයි..

  • newsLankahit news
  • 4 views
  • 0 comments

බදුරළිය, කලවාන මාර්ගයේ කොඩිප්පිලිකන්ද සමන් දේවාලය ආසන්නයේදී කලවාන දෙස සිට බදුරළිය දක්වා ගමන් ගත් රබර් කිරි රැගත් බවුසර් රථයක් අඩි 30ක පමණ ප්‍රපාතයට පෙරළී ගොස් එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ ඊයේ (26) රාත්‍රී 12ට පමණ සිදුව ඇති මෙම අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් කලවාන රෝහලට ඇතුළත් කර ඇති බවය.

මෙසේ මියගොස් ඇත්තේ, බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කිරි කර්මාන්ත ශාලාවකට අයත් සේවකයින් දෙදෙනෙකු බවත් ඔවුන් බුලත්සිංහල හා රඹුක්කන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් වාර්තා වේ.

අධික බෑවුම් සහිත මෙම ප්‍රදේශයේ දී බවුසර් රථයට පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සා යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි කලවාන පොලීසිය සැක පළ කරයි.

මෙම අනතුර සම්බන්ධයෙන් කලවාන පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු පවත්වයි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.