Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 20, 2025 , Published 08:20 pm ,
0
0
views

මේවා සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශ අදානි කියයි

  • newsLankahit news
  • views
  • 0 comments

 

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගිවිසුමේ සිදුකරන ලදැයි කියන වෙනස්කම් සම්බන්ධයෙන් පැතිර යන කටකතා Adani Green Energy SL Ltd. සමාගම තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අදානි සමූහය පවසන්නේ, කිලෝවොට් පැයකට ශත 7ක් දක්වා මිල සංශෝධනය කිරීමට සිය සමාගම එකඟ වී ඇති බවට කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත ඒවා බවයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්, 

ගිවිසුම සම්බන්ධයෙන් අදාළ ශ්‍රී ලාංකික බලධාරීන් සමඟ ඇති කරගත් ගිවිසුමේ මුල් එකඟතාවන්ට අප සම්පූර්ණයෙන්ම කැපවී සිටින අතර, Adani Green Energy SL Ltd හි ආයෝජන සැලසුම් සහ ව්‍යාපෘති පරාමිතීන්වල කිසිදු වෙනසක් සිදු වී නොමැති බව ද වැඩි දුරටත් දන්වා සිටින්නෙමු.

යෝජිත සුළං බල ව්‍යාපෘතියෙන් සමාගම ගෞරවාන්විතව ඉවත් වී ඇති අතර, ශ්‍රී ලංකා රජය කවදා හෝ නැවත සලකා බැලීමක් සිදු කළ හොත්, ඕනෑම සංවර්ධන අවස්ථාවක් භාර ගැනීමට තමන් සැමවිටම සූදානමින් සිටින බව ද අදානි සමූහය නැවතත් තහවුරු කරයි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.