Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 21, 2025 , Published 07:29 pm ,
0
0
7 views

අයවැය තුන්වන වර කියවීම වැඩි ඡන්ද 114කින් සම්මතයි

  • newsLankahit news
  • 7 views
  • 0 comments

 

2025 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පතේ තුන්වන වර කියවීමේ විවාදය අද (21) පැවැත්වුණා.

එහිදී අයවැය තුන්වන වර කියවීම වැඩි ඡන්ද 114කින් සම්මත වුණා.

අයවැයට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 45ක් ලැබුණා.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අයවැය කතාව පසුගිය මස 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

අනතුරුව පැවති අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ අතර, ඊට පක්ෂය ඡන්ද 155 ක් සහ විපක්ෂව ඡන්ද 46 ලැබී තිබුණා.

ඉන් පසු කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 වැනිදා ආරම්භ වූ අතර, ඊයේ මෙන්ම අද දිනයේදී ද මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනුණා.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.