Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 20, 2025 , Published 09:00 pm ,
0
0
views

ඉදිරියේදී වාහන මිලට වෙන දේ

  • newsLankahit news
  • views
  • 0 comments

 

වාහන මිළදී ගැනීමට ජනතාව තුළ පවතින උනන්දුව අඩුවීම හේතුවෙන් වාහන ආනයනය හරහා රජය අපේක්ෂා කළ ආදායම උපයා ගැනීමේ අර්බුදයක් නිර්මාණය විය හැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. 


පසුගිය මස  01 වැනිදා සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවසර ලබා දීමට රජය තීරණය කළා. 

කෙසේ වෙතත්, එලෙස හම්බන්තොට වරාය වෙත ආනයනය කළ වාහන 400කට ආසන්න ප්‍රමාණයක් රේගුවෙන් නිදහස් කිරීමට නොහැකි වුණේ අපනයන පරීක්ෂණ සහතිකයේ මතුව තිබූ ගැටලු‍වක් හේතුවෙන්.

ඒ අනුව එම බාධා ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ නිකුත් කළා. 

එමගින් අදාළ වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරෝ වෙරිටාස් කාර්යාංශයට බලය ලැබෙන අතර වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධාකද ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් වරාය නිශ්කාශන කටයුතු ප්‍රමාද වීම ඇතුළු ගැටළු කිහිපයක් හේතුවෙන් ඉදිරියේදී පාරිභෝගිකයාට ඉහළ මිළකට වාහන මිලදී ගැනීමට සිදුවිය හැකි බවයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ රොද්‍රිගෝ කියා සිටියේ.

 

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.