සුඩානයේ මානුෂීය අර්බුදය තවදුරටත් ගැඹුරු වෙමින් පවතින බව වාර්තා වේ. එහෙයින් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ප්‍රතිකාර කිරීම ඉතා දුශ්කර වී තිබේ.
සුඩානය යුද්ධයෙන් විනාශ වූ පසු එහි වෛද්‍යවරු මුහුණ දී ඇත්තේ දැඩි ආධාර හිඟයකටය.
2023 අප්‍රේල් මාසයේදී සුඩානයේ හමුදාව සහ පැරාමිලිටරි ක්ෂණික ආධාරක බලකායන් (RSF) අතර ඇතිවුණු බල අරගලයකින් පසුව මෙම යුද්ධය ඇති විය. එය කොතෙක් දරුණුද යත් මේවන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම යුද්ධය ලෝකයේ දරුණුතම මානුෂීය අර්බුදය ලෙස හඳුන්වයි.
වර්තමානයේ සුඩානයේ මිලියන 50 ක ජනතාවගෙන් අඩක් උග්‍ර කුසගින්නෙන් පෙළෙති. විශේෂයෙන් උතුරු ඩාර්ෆූර් ප්‍රාන්තයේ ප්‍රදේශ පහක සාගතයක් තහවුරු වී ඇත. සුඩානයේ
මහා අගනුවර වන කාර්ටූම්, ඔම්ඩුර්මන් සහ බහ්රි යන ප්‍රදේශවල සටන් කරන කණ්ඩායම් දෙකම ආධාර සහ වාණිජ සැපයුම් බෙදා හැරීම සීමා කර ඇත. එමඟින් ආහාර සහ ඖෂධවල පිරිවැය බොහෝ පවුල්වලට දරාගත නොහැකි තරමට ඉහළ ගොස් ඇත.
No commnets