Breaking News
PM returns medical unit to public service.   Will the NPP Govt allow vehicle imports? Govt Spokesman replies.   The first group of tourists from Russia arrived in Sri Lanka for the

News

March 28, 2025 , Published 03:43 pm ,
0
0
7 views

පුටින්ගේ ආසියානු සංචාරයක් ගැන රුසියාවෙන් ප්‍රකාශයක්

  • newsLankahit news
  • 7 views
  • 0 comments

 

ඉන්දියාවට පැමිණෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිදු කළ ආරාධනය රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පිළිගෙන තිබෙනවා.

ඒ බව තහවුරු කරමින් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා තිබුණේ, එම සංචාරය සඳහා මේවනවිට සියලු කටයුතු සම්පාදනය කරමින් සිටින බවයි.

එමෙන්ම "රුසියාව සහ ඉන්දියාව: ද්විපාර්ශ්වික සබඳතා සඳහා නව න්‍යාය පත්‍රයක් කරා" යන මැයෙන් පැවති සමුළුවකදී ඔහු ඉන්දු - රුසියානු සබඳතා තවදුරටත් ශක්තිමත් වෙමින් ඇතැයි පවසා තිබුණා.

මෙම සමුළුව සඳහා රුසියාවේ ඉන්දීය තානාපති කාර්යාලය සහ රුසියානු ජාත්‍යන්තර කටයුතු කවුන්සිලය (RIAC) එක්ව සත්කාරකත්වය දරනු ලැබුවා.

ලැව්රොව් සිය දේශනයේදී ප්‍රකාශ කළේ, මානව වර්ගයාගේ යහපත අරමුණු කරගත් පාලනය පිළිබඳ ඉන්දියාවේ විශ්වාසය රුසියාව ඇසින් දුටු බවයි.

Comments

No commnets


© Copyrights 2025 Lanka HitNews All rights reserved.