ඉන්දියාව තේ සම්බන්ධයෙන් ලෝකයේ දෙවන ඉහළම අපනයනකරු බවට පත්ව තිබෙනවා.
ඉන්දීය තේ මණ්ඩලය විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, ඉන්දියාව 2024 දී තේ කිලෝග්‍රෑම් මිලියන 254 ක් අපනයනය කර ඇති බවයි වාර්තා වෙන්නේ.
කෙන්යාව ගෝලීය තේ අපනයනයේ පළමු ස්ථානයේ සිටින අතර ඉන්දියාව ශ්‍රී ලංකාව අභිබවා දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
2023 දී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තේ අපනයනයේ දී මිලියන 231 ක් පමණ සමඟ කරට කර සිටි නමුත් 2024 දී ඉන්දියාව කිලෝග්‍රෑම් මිලියන 24 ක් වැඩිපුර අපනයනය කරමින් ශ්‍රී ලංකාව අභිබවා ගොස් තිබෙනවා.
ඉන්දියාවේ 2024 තේ අපනයනය රුපියල් කෝටි 7,112 කි.
2018 වසර හැරුණු විට පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාවේ අපනයන සංඛ්‍යාලේඛන මිලියන 200-225 ක් පමණ පැවති අතර, මෙම ආකර්ෂණීය වර්ධනය තේ කර්මාන්තයට 2030 වන විට කිලෝග්‍රෑම් මිලියන 300 සීමාවට ළඟා වීමේ බලාපොරොත්තුවක් ලබා දී ඇති බවයි .
No commnets