මියන්මාරයට බලපෑ භූ කම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළට
ඊයේ පස්වරුවේ මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ 7.7ක ප්‍රභල භූ කම්පනයක් ඇති වූ අතර එහි ප්‍රභලත්වය තායිලන්තයේ බැංකොක් නුවරට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ව තිබුණි.
එමෙන්ම ඊයේ පස්වරුවේ සිදුවූ මෙම භූ කම්පන තත්ත්වයෙන් පසු අද (29) උදෑසන කාලය දක්වා මියන්මාරයට පසු කම්පන තත්ත්ව 14කින් ද බලපෑම් එල්ල වී ඇත.විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ පුද්ගලයින් 1,670ක් පමණ තුවාල ලබා ඇති බවය.භූ කම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
මේ අතර මියෙන්මාර වාර්තා සඳහන් කර ඇත්තේ සෙවීම් සහ ගලවා ගැනීම් මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදුවනු ඇති බවත් එය ඉතා අපහසු කාර්යයක් වී ඇති බවත්ය.මීට හේතුව ලෙස වාර්තා වී ඇත්තේ බර යන්ත්‍රෝපකරණ හිඟය බවටද එම මාධ්‍ය වාර්තාවල සඳහන් ව තිබේ.
No commnets