රජය විසින් අලුත් අවුරුද්ද වෙනුවෙන් බෙදා දීමට පියවර ගෙන තිබූ සහන මල්ල අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.
ඒ අනුව එම සහන මල්ල පළාත් පාලන මැතිවරණය අවසන් වූ පසු බෙදා දිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිඛිතව දන්වා ඇත්තේ.
අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂා කරන ලක්‍ෂ 8ක පමණ පිරිසකට මෙම සහන මල්ල එළැඹෙන අප්‍රේල් 01 සිට 13 වෙනිදා දක්වා සතොස අලවිසැල් ජාලය හරහා බෙදා දීමට කටයුතු කරමින් තිබුණා.
අදාළ සහන මල්ලෙහි අන්තර්ගත වූ භාණ්ඩ පැස රුපියල් 5,000ක වටිනාකමකින් යුතු වුවත් එය රුපියල් 2,500කට ලබාදෙන බවයි රජය නිවේදනය කළේ.
No commnets