දිස්ත්‍රික්ක තුනකට තවදුරටත් නායයෑමේ අවදානම් නිකුත් කර තිබෙනවා.
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක තුනකට තවදුරටත් නායයෑමේ අවදානම් බලාත්මක කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, නුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට මෙම නායයාමේ අවදානම ක්‍රියාත්මක කර ඇති බවයි.
මේ අතර අද (10) රාත්‍රී කාලයේදීත් මධ්‍යම, ඌව සහ දකුණ යන පළාත්වලට වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.