2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 4ට අවසන් වුණා.
අද උදෑසන 7ට ඡන්ද විමසීම ආරම්භ කෙරුණු අතර, දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 කදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කෙරුණා.
ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ඡන්ද මධ්‍යස්ථානවල සිට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා.
ඡන්දය ගණන් කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,034ක් ස්ථාපිත කර ඇති අතර, එම කටයුතු පස්වරු 5ට පමණ වන විට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.
පළමු නිල ඡන්ද ප්‍රථීපලය රාත්‍රී 10 පමණ වන විට නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
Author: Lanka Hit News
Post Views: 7