Global Platform For All Sri Lankans

Lanka Hit News

පුද්ගලයින් 18 දෙනෙකුට දිවි අහිමි කළ , අයහපත් කාලගුණය

 

දිවයිනට බලපා තිබූ ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 139,512කට අයත් පුද්ගලයන් 470,142 දෙනෙකු පීඩාවලට ලක්වී තිබෙනවා.

ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මෙම පිරිස ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය 236කට අයත් අය බවයි.

ඒ හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්.

පූර්ණ නිවාස හානි 103ක් සහ අර්ධ හානි 2,798ක් සිදුවී තිබෙනවා.

සුරක්ෂිත මධ්‍යස්ථාන 63ක පුද්ගලයින් 6,663ක් රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඥාති නිවාසවල පුද්ගලයින් 63,197 රැඳි සිටින බව සඳහන්.

සියලු ගංගාවල ජල මට්ටම සාමාන්‍ය මට්ටමේ පවතිනවා.

නිකුත් කරනු ලැබූ සියලු නාය යෑම් පිළිබඳ අනතුරු ඇඟවීම නිවේදන ඉවත් කර ඇති බව ද ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

කොන්ස්ටාස්ට එරෙහි වුවාට කෝලිට දඩ නියම කරයි

ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් සමඟ මතභේදාත්මක තත්ත්වයක් ඇති කර ගැනීම හේතුවෙන් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 20%ක

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads