මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්රයන්හි ඉදිරි දියුණුව ඇති කිරීමට අමෙරිකානු රජයේ මුල්‍ය, තාක්ෂණික, දැනුම සහ භෞතික වශයෙන් ලබාදිය හැකි සියලු සහයෝගයන් අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි ජේ. චංග් පවසා තිබෙනවා.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඊයේ හමුවෙමින්.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ක්ෂේත්රයන්හි ඉදිරි සංවර්ධනය උදෙසා අමෙරිකානු රජය දක්වන සහයෝගය සහ ප්‍රදානයන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
එසේම, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ ප්රමුඛ වත්මන් රජය ගෙන යනු ලබන නවමු වැඩපිළිවෙළ අමෙරිකානු තානාපතිවරියගේ විශේෂ ඇගයීමට ද ලක්වූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.
Author: Lanka Hit News
Post Views: 4