මෙරට අලෙවිවන සිමෙන්ති කොට්ටයක මිල ඉදිරියේදී රුපියල් සියයකින් අඩුවීමට ඉඩ ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසනවා.
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවීම හේතුවෙන් මෙලෙස සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් අඩුවනු ඇති බව සඳහන්.
සෙස් බද්ද ඔස්සේ ලැබෙන ආදායම ඍජුවම අදාළ මුල්‍ය ආයතන වෙත ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව සිමෙන්ති කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියලක මුදලක් අඩුවනු ඇති.
එමඟින් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩු වන බවට මුදල් කාරක සභාවේදී සාකච්ඡා වී තිබෙනවා.
Author: Lanka Hit News
Post Views: 3