ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීම අද (26) පෙරවරු 7ට ආරම්භ වුණා.
ඡන්දය විමසීම අද පස්වරු 4 දක්වා පැවැත්වෙනවා.
2024 සැප්තැම්බර් මස 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි.
ඒ සඳහා, ඡන්දදායකයින් 55,643 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.
ඡන්ද විමසීමේ කටයුතු සඳහා නිලධාරින් 600 දෙනෙකු පමණ යොදවා ඇති බවද සඳහන්.
මේ අතර ඡන්දය සලකුණු කිරීමේදී වම් අතෙහි මහපටඟිල්ල පාට කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ ඡන්ද විමසීමේදී ඡන්දදායකයාගේ වම් අතෙහි සුළැගිල්ල පාට කර තිබීම හේතුවෙන්.
ඡන්දදායකයගේ වම් අතෙහි මහපටඟිල්ල නොමැති නම් ඔහුගේ දකුණු අතෙහි මහපටඟිල්ල හෝ වෙන යම් ඇඟිල්ලක් උචිත ලකුණුන් සලකුණු කිරීමට තීරණය කළ බව ද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.
Author: Lanka Hit News
Post Views: 16