වඳුරු උණ (mpox) වසංගත තත්ත්වය, තවමත් ජාත්‍යන්තර අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ඒ, ඉහළ යන ආසාදිතයින් ගණන සහ ගෝලීය ව්‍යාප්තිය මත පදනම්ව බව සඳහන්.
පවතින තත්ත්වය හමුවේ, mpox සඳහා ඉහළ මට්ටමින් අවදියෙන් සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප්‍රිකානු සංගමය ඔක්තෝබර් අවසානයේ අනතුරු අඟවා තිබුණේ, mpox ව්‍යාප්තිය තවමත් පාලනය කර නොමැති බවත්, එය COVID-19 ට වඩා දරුණු විය හැකි වසංගතයක් විය හැකි බැවින් වළක්වා ගැනීම සඳහා වැඩි සම්පත් ප්‍රමාණයක් ලබාදෙන ලෙසයි.
කෙසේ වෙතත් , මෙරට සෞඛ්‍ය අංශද mpox අවදානම ගැන දැනුවත් වී එය මෙරටට ඒම වළක්වා ගැනීමට කටයුතු කරමින් සිටින ඇති බවටද සඳහන් වනවා.
Author: Lanka Hit News
Post Views: 10