ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (17) පැවැත්වෙනවා.
තරගය අද පස්වරුවේ ආරම්භ වු අතර එය දිවා රාත්‍රී තරගයක් ලෙසයි පැවැත්වෙන්නේ.
තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඩක්වර් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 45කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ මේ වන 1ට බින්දුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාවයි.
අද තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් තවත් තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක් හිමිවනු ඇති.
Author: Lanka Hit News
Post Views: 9