අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ සහ ව්‍යාපාරිකයෙකු එළඹෙන 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ සැකකරුවන් දෙදෙනාව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් පිටකෝට්ටේ ප්‍රදේශයේදී මොවුන් දෙදෙනාව අත්අඩංගුවට ගත්තේ රුපියල් මිලියන 09ක අල්ලස් මුදලක් ලබාගත් බව සඳහන් කරමින්.
කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයේ පුද්ගලයෙකු කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, පැමිණිලිකරුගේ ඥාතියෙකුට අයත් ඉඩමකට අදාළ වන්දි මුදල් කඩිනමින් ලබාගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදන බව පවසා සැකකරුවන් අදාළ අල්ලස් මුදල ඉල්ලා ඇති බව වාර්තා වනවා.
Author: Lanka Hit News
Post Views: 6