සියලු පුරවැසියන් තමන්ට පැවරී ඇති වගකීම වෙනුවෙන් වගවිය යුතු බව, ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඔහුගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කළ නව රජයේ ”ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමින්.
2025 රාජකාරි කටයුතු ඇරඹීම මෙවර සිදු වන්නේ, “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීවයි.
මෙම එළි දැක්වීමේ වැඩසටහන සිදු කෙරෙන්නේ, රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධවයි.
“ක්ලින් ශ්‍රී ලංකා” ජනාධිපති කාර්ය සාධක බළකාය, ජනාධිපති කාර්යාලය හා එක්ව වැඩසටහන සම්පාදනය කර තිබෙනවා.
මෙමගින් ආදර්ශය ලබා දීම, පෙළඹවීම, යොමු කිරීම සහ වෙනස් වීමේ අවශ්‍යතාව ශක්තිමත්ව තහවුරු කිරීම තුළින් සමාජයක චර්යාමය වෙනස්කම් සිදු කිරීමේ ශක්තිමත් ප්‍රවේශයක් ලබා ගත හැකියි.
Author: Lanka Hit News
Post Views: 3