Global Platform For All Sri Lankans

Lanka Hit News

අයවැය පෙබරවාරියේ මැතිසබයට

 

අයවැය විවාදය පෙබරවාරි මස 18 සිට මාර්තු 21 දක්වා දින 26ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

ඒ අනුව, අයවැය පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පෙබරවාරි 18 සිට පෙබරවාරි 25 දක්වා දින 07 ක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙන අතර 25 වනදා පස්වරු 06 ට ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

එමෙන්ම, අයවැය තෙවනවර කියවීමේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 වැනිදා දක්වා සෙනසුරාදා දින 04ක් ද ඇතුළුව පැවැත්වෙනවා.

මාර්තු 21 වැනිදා පස්වරුවේ තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads