Global Platform For All Sri Lankans

Lanka Hit News

සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ පොරොන්දුවක්..

ඖෂධ ක්ෂේත්‍රයේ ගැටලු ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් ද බවට වර්තමානයේ පත්ව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, නාරාහේන්පිට ‘මෙහෙවර පියස’ කාර්යාල සංකීර්ණයේ පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා (SPC) කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

ඖෂධ ක්ෂේත්‍රයේ ගැටලු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින  සියලුම සේවකයින් ධෛර්වත් කිරිමටත්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පෙනී සිටින බවත් ඔහු කියා සිටියා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වසර 53 කට වැඩි කාලයක්, තරගකාරී මිල ගණන් යටතේ තත්ත්ව සහතික සහිත ඖෂධ සැපයීමට කටයුතු කළා.

සාමාන්‍ය ඖෂධ භාවිතය ප්‍රවර්ධනය කරන අතරම ආරක්ෂිත, කාර්යක්ෂම සහ උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදන සහ සෞඛ්‍ය සේවා දැරිය හැකි මිලකට ලබා දෙමින් මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම ද එම සංස්ථාවේ කාර්යභාරය වන බව සඳහන්.

ආයතනයේ දැක්ම සාර්ථක කරමින් ආයතනයේ කටයුතු වඩා විධිමත් හා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සදහා අමාත්‍යවරයා ආයතනයේ සභාපති සහ පාලන අධිකාරිය සමග දීර්ඝ සාකච්ඡාවක ද මෙහිදී නිරත වූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ.

ඖෂධ සැපයුම් ජාලය සහ එහි වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත්, ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ඖෂධ බෙදාහැරීමේ වැඩපිළිවෙළ පිළිබඳවත් අමාත්‍යවරයා සොයා බැලුවා.

ඉදිරියේ දී එම කටයුතු වර්ධනය කළ යුතු ආකාරය පිළිබඳව පාලන අධිකාරියට අවශ්‍ය උපදෙස් ලබාදීම ද එහිදී සිදු කළ බව සඳහන්.

මෙහිදී ආයතනික සමාජ වගකීම්, රසායනාගාර පහසුකම්, පූර්ව සහ අලෙවිකරණ තත්ත්ව සහතික නිකුත් කිරීම්, දැනුවත් කිරීමේ වැඩසටහන් මෙන් ම ආයතනයේ මානව සම්පත් සංවර්ධනය පිළිබඳව ද අමාත්‍යවරයා සිය අවධානය යොමු කරනු ලැබුවා.

මෙම නිරීක්ෂණ චාරිකාවේ දී අමාත්‍යවරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා කාර්යාලයේ සියළු මෙහෙයුම් කටයුතු එක් එක් අංශ වෙත ගොස් පෞද්ගලිකවම නිරීක්ෂණය කළ බව සඳහන්.

එම කටයුතු ක්‍රියාත්මක කිරීමේදී  කාර්ය මණ්ඩලය මුහුණ දෙන ගැටලු පිළිබඳව  කාර්ය මණ්ඩලය සමග ද සුහදව සාකච්ඡාවක ද නිරත වුණා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads