Global Platform For All Sri Lankans

IMF නියෝජිත පිරිසක් එළැඹෙන සතියේ දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සදහා නියෝජිත පිරිස දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
මෙම සමාලෝචනයෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මීළග ණය වාරිකය ලබාදීම සිදුකිරීමට නියමිතයි.
ඒ අනුව එළඹෙන සතියේ දිවයිනට පැමිණෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.
මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන ඇති ගිවිසුම අනුව තවදුරටත් ඉදිරියට යාමට වත්මන් ආණ්ඩුව සූදානම් බව පසුගිය දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග වොෂින්ටන්හි පැවති සාකච්ඡාවලදී මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහබැංකු අධිපතිවරයා දැනුම් දී තිබුණි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads