ඊයේ (18) උදෑසන කාලයේ මොරගොඩ පොලිස් වසමේ වන්නම්කුලම් ප්රදේශයේදී එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී අයෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදු කර සැකකරු ඔහුගේ නිවසට ගොස් ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, වන්නම්කුලම සිවලාකුලම පදිංචි වයස අවුරුදු 35 ක් වන දෙදරු මවක්.
බරපතල කැපුම් තුවාල ලබු මියගිය තැනැත්තියගේ මව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බවයි සඳහන් වන්නේ.
සිද්ධියට අදාළ සැකකරු වයස අවුරුදු 30 ක් වන වන්නකුලම්, ලබුනෝරුව ප්රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇයි වාර්තා වනවා.
මියගිය කාන්තාව හා සැකකරු අතර පැවති අනියම් සම්බන්ධතාවයක් මත ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මෘත ශරීර සම්බන්ධයෙන් කහටගස්දිගිලිය මහේස්ත්රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්රාත් නලින් දිමුතු බංඩාර ඊයේ සවස් කාලසේ සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ මහේස්ත්රාත් පරීක්ෂණ සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීර අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.