හලාවත, සිංහපුර ප්‍රදේශයේ සිදු වූ ත්‍රිත්ව මරණය සම්බන්ධයෙන් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ වී තිබෙනවා.
ඒ, දේහයන් සම්බන්ධයෙන් හලාවත මහ රෝහලේ පැවැත්වූ පශ්චාත් මරණ පරික්ෂණයේදීයි.
ඒ අනුව කාන්තාවන් දෙදෙනාගේ ගෙල කපා ඝාතනය කර ඔහු ගින්නට පැන ඇති බව සඳහන්.
පියාගේ මරණය සිදුවී ඇත්තේ, ශරීරයේ ඇති වූ පිලිස්සීම් හේතුවෙන් බවයි, හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී, ඉලංගරත්න බන්ඩා මහතා ප්‍රකාශ කර ඇත්තේ.
පසුගිය 20 වැනිදා අලුයම හලාවත – සිංහපුර, දෙමහල් නිවසක ඇති වූ බව කියන ගින්නකින් එකම පවුලේ මව, පියා සහ දියණිය මරණයට පත් වුණා.
එය ඝාතනයක් ද නැත්නම් සියදිවි නසාගැනීමත් ද යන සැකය විමර්ශන නිලධාරින්ට ඇතිවී තිබුුුණා.
ඒ අනුව සිදු කරනු ලැබු විමර්ශනයකදී අනාවරණ වූයේ, බිරිඳ සහ දියණියක ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහු සියදිවි හානි කරගෙන ඇති බවයි.
සැමියා විසින් සිය බිරිඳගේ ඝාතනය කර ඇති බවත් උපකාරක පන්තියකට සහභාගී වී සිටි දියණිය නිවසට පැමිණීමෙන් අනතුරුව ඇයව ඝාතනය කරන සිරුරට භූමිතෙල් දමා ගිනි තබා ඇති බවත් සඳහන්.
ඉන් අනතුරුව ඔහු ද ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.