Global Platform For All Sri Lankans

දමිතා පැනපු අලුත්ම පිම්ම..

ප්‍රවීණ රංගන ශිල්පිණී දමිතා අබේරත්න ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය හා එක්වීමට තීරණය කර තිබෙනවා.

අද (21) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ, සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව එම තීරණයට එළැඹි බවයි.

සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් තමා ඉවත් වෙන බවත් ඒ සඳහා උපකාර කළ සියලුදෙනාට ස්තූතිය පිරි නමන බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.

දමිතා අබේරත්න එළැඹෙන මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් රත්නපුරය දිස්ත්‍රික්කය සඳහා තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටියද ඇයගේ නම නාමයෝජනා පත්‍රයේ සඳහන් නොවුණු නිසාවෙන්, ප්‍රශ්න හට ගත්තා.

ඇය ඒ සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ට චෝදනා කළා.

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads