Global Platform For All Sri Lankans

පියුමි පැය කිහිපයක් උත්තර දෙයි..

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය නැවත වරක් ප්‍රශ්න කර තිබෙනවා.

ඒ ඇය, හිමිකාරීත්වය දැරූ BMW වර්ගයේ මෝටර් රථයක්  හා ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළවයි.

ඒ අනුව, ඇයගෙන් ඊයේ (04) පැය 9කට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගිය ජුලි මස 5 වැනිදා සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් BMW වර්ගයේ මෝටර් රථය ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිගෙන් මිලදි ගෙන ඇති බවට අනාවරණ කර ගැනුණු බව සඳහන්.

ඒ අනුව, පියුම් හංසමාලි එම BMW වර්ගයේ මෝටර් රථය මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය හා ඇය විසින් අලෙවි කරනු ලබන සම පැහැපත් කරන ආලේපනවලින් ප්‍රශ්න සහගත ලෙස අධික මුදලක් උපයාගැනීම සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කළා.

එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා ඊයේ පෙරවරු 9ට පමණ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබුණා.

එහිදී පැය 9කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඊයේ පස්වරු 6ට පමණ ඇය ඉන් පිටත්ව ගොස් තිබුණා.

 

Lanka Hit News
Author: Lanka Hit News

0
0

Leave a Comment

Digital Griot

RELATED LATEST NEWS

Top Headlines

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads