රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay හරහා මෙම වසරේදී සිදුවූ ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් කෝටි 200 ඉක්මවා තිබෙනවා.
ඒ අනුව, පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළදී අදාළ මෘදුකාංගය තුළින් ගනුදෙනු 70,178 කට වඩා සිදු කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එමෙන්ම, මෙම පද්ධතිය හරහා රථවාහන දඩ ගෙවීම් 50,000 කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇති අතර, එමඟින් රුපියල් මිලියන 66 කට වඩා ආදායමක් උපයා තිබෙනවා.










