ග්‍රාම නිලධාරිනියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අද (26) මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රදේශීය සභාව වෙනුවෙන් මංගලඑළිය කොට්ඨාසය නියෝජනය කරමින් තේරී පත්වූ මන්ත්‍රීවරායායි.
ඉකුත් 5වනදා තමන් ආපදා රාජකාරි කටයුතු සඳහා යතුරුපැදියෙන් ගමන්කරමින් සිටි අවස්ථාවේ අදාළ මන්ත්‍රීවරයා පැමිණි කුඩා ලොරි රථයක ගැටී අනතුරක් සිදුවූ බවත්, එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා තමන්ට බැන වැදුණු බවත් ග්‍රාම නිලධාරීවරිය පොලීසියට පවසා තිබෙනවා.
එමෙන්ම තමන් මේ බව මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරිය දැනුම්වත් කළ බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.
ඒ අතරවාරයේ ඉකුත් 8 වනදා පැවති ආපදා කමිටු රැස්වීමෙන් පසුවද අදාළ මන්ත්‍රීවරයා තමන්ට දුරකථනයෙන් කථාකර බැන වැදුණු බවයි ග්‍රාම නිලධාරීනිය පොලීසියට කියා සිටියේ.
එහිදී ලැබී තිබූ පැමිණිල්ල සඳහා සිදුකළ කැඳවීමක් අනුව මන්ත්‍රීවරයා අද පෙරවරුවේ මුන්දලම පොලීසියට පැමිණ ඉදිරිපත්වීමෙන් පසුව අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.
ඔහු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.











